මාලිමා මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට හිටපු නියෝජ්‍ය කථානායක අජිත්ගෙන් පොලීසියට පැමිණිල්ලක්
හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා, ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාට එරෙහිව පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ පසුගියදා පැවැති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී, දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයක් යැයි පවසමින් අජිත් රාජපක්ෂ මහතා වංචා සහගත ලෙස සහනාධාර මුදල් චෙක්පත් ලබාගෙන ඇති බවට ශාන්ත පද්මකුමාර මහතා කළ ප්‍රකාශයට විරෝධය පළ කරමිනි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ, තම නම හා පෙර දරන ලද තනතුරු යොදාගෙන ඉතාමත් අපහාසාත්මක අයුරින් තමන්ට චෝදනා එල්ල කර ඇති බවයි. තමන් දිට්වා සුළි කුණාටුවෙන් කිසිදු අලාභයකට ලක්ව නොමැති අතර, ඒ පිළිබඳ කිසිදු සහනාධාරයක් ඉල්ලූවත්, ලබාගත්වත් නොමැති බවද ඔහු සඳහන් කළේය.
තමා මේ වන විට ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිව සිටින අතර, දිට්වා සුළි කුණාටුවෙන් කිසිවෙකුටත් හානියක් වූ බවට තමන්ට කිසිදු වාර්තාවක් නොලැබුණු බවද ඔහු පැවසීය.
එමෙන්ම මෙම ප්‍රකාශ හේතුවෙන් තම ගෞරවයට හානි වී ඇති බැවින්, මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගන්නා බවද හිටපු නියෝජ්‍ය කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.