පළමු වරට මෙරටින් කොවිඩ් ආසාදිතයින්ට දරුණු රෝගයක්...වේගයෙන් පැතිර යයි???..
මෙරට කොරෝනා රෝගීන් අතර පළමු වරට කළු දිලීර රෝගය පැතිර යමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගත යුතු බවයි ඔහු සඳහන් කළේ. සාමාන්‍ය පුද්ගලයින් අතර පැතිර ගිය කළු දිලීර රෝගය ආසාදනය වූ කොරෝනා රෝගීන් කිහිපදෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් අතර එය පැතිර යන බවයි.
මේ අතර කොරෝනා ආසාදනය වූ ඇතැම් පුද්ගලයින් ප්‍රතිජීවක ඖෂධ සහ හෝමෝන ප්‍රතිකාර ලබාගන්නා තත්වයක් පවතින බවත්, ඒවා භාවිත කළ ඇතැම් පුද්ගලයින්ගේ මරණය ඉක්මන් වී ඇති බවත් අයි.ඩී.එච්. රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා ප්‍රකාශ කළා.
ඒ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, මහනුවර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි කියා සිටියේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ මේ වනවිට කොරෝනා ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමට ඉඩ පවතින්නේ තවත් 2,000 ක් වැනි ප්‍රමාණයකට පමණක් බවයි.
එමෙන්ම කොරෝනා මර්දන එන්නත් ලබාගැනීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට පැමිණි චීවරධාරියෙකු එහි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදීමේ පුවතක් අප ඊයේ වාර්තා කළ අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළා.
මේ අතර, ඉන්දියාවේ කාශ්මීරයේ වයස අවුරුදු 18ට අඩු ළමයින්ගෙන් සියයට 78කගේ සිරුරුවල කොරෝනා ප්‍රතිදේහ වර්ධනය වී ඇති බව හෙළි වී තිබෙනවා.
ජුලි මාසය තුළ සමස්ත කාශ්මීරයම ආවරණය වන පරිදි සිදුකළ වෛද්‍ය සමීක්ෂණයකින් මේ බව හෙළි වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
එමෙන්ම, කාශ්මීරයේ ගර්භනී මව්වරුන්ගෙන් සියයට 64කගේ සිරුරු තුළ ද කොරෝනා ප්‍රතිදේහ පවතින බව එහිදී අනාවරණ වී තිබෙනවා.
පාසල් වසා දමා ළමයින් සමාජයට පැමිණීම අවමව තිබියදී සහ 18ට අඩු ළමයින් එන්නත්කරණයට ලක් නොකර තිබියදී මෙලෙස ප්‍රතිදේහ වර්ධනය වීම සුවිශේෂී තත්ත්වයක් බව කාශ්මීර සෞඛ්‍ය අංශ සදහන් කළා.
මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයින් එක්ලක්ෂ විසි තුන්දහස් හාරසිය හතළිස් දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා.
ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 72,235 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි පළමු මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 47,409 ක්.
එමෙන්ම ඊයේ ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 426 දෙනෙකුටත්, එහි දෙවන මාත්‍රාව 900 දෙනෙකුටත් ලබාදී තිබෙනවා.
මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 19 දෙනෙකුටත්, දෙවන මාත්‍රාවද 25 දෙනෙකුටත් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේ 977 දෙනෙකුට ලබාදී ඇති අතර, දෙවන මාත්‍රාව 1449 දෙනෙකුට ලබාදී තිබෙනවා.
ඒ අනුව මේ දක්වා දෙවන මාත්‍රාවද ලබාදී එන්නත්කරණය සම්පූර්ණ කළ මෙරට පුද්ගලයන් සංඛ්‍යාව එක්කෝටි හත්ලක්ෂ හතළිස් හත්දහස් දෙසිය තිස් හයක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |