මුලු රටම බිය ගන්වමින් කළු දිලීර රෝගීන් හමුවූ ප්‍රදේශ මෙන්න..මේ අයට දැඩි අවධානම්..

Sri Lanka Colombo Black viruses Kegalla Rathnapure
By Aruna Sep 15, 2021 10:44 AM GMT
Aruna

Aruna

Report

ඔබේ ප්‍රදේශයත් අවදානම් ද ?

කොවිඩ් ආසාදිතයින් අතරින් කළු දිලීර රෝගය වාර්තා වූ රෝගීන් කොළඹ, කුරුණෑගල සහ රත්නපුර ප්‍රදේශවලින් මේ වනවිට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අද (15) කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේදී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඒ බව පැවසීය.

“දැනට කළු දිලීර රෝගීන් හමුවෙලා තියෙන්නේ කොළඹ ජාතික රෝහලෙන්, කුරුණෑගලින් සහ රත්නපුරයෙන්.

ඒ වගේ රෝහල් ගණනාවකින් හමුවෙලා තියෙනවා.

මේකෙ රෝග ලක්ෂණ තීරණය වෙන්නේ ඒ රෝගය හැදෙන ස්ථානය මතයි.

මේක සමේ, නාසය, මොළය ආශ්‍රිතව, පෙනහළුවල, ඇස හෝ ඇස ආශ්‍රිතව, ශරීරයේ අභ්‍යන්තරව තියෙන මතුපිටවල් ඕනම තැනක හැදෙන්න පුළුවන්. මෙහි මූලික විෂබීජය දිලීරයක්.

ඒක පරිසරයේ තියෙන්නේ. ආවට ගියාට මේ රෝගය කාටවත් හැදෙන්නේ නෑ.

ශරීරයේ ප්‍රතිශක්තිය අන්තිමටම හීන වුණොත් ඒ පුද්ගලයින්ට පමණයි මේක ඇතිවෙන්නේ.

පාලනය නොකළ බෝ නොවන රෝගවලින් පෙළෙන අයට, ඉන්ද්‍රියන් බද්ධ කරපු අයට (ප්‍රතිශක්තිකරණයට බෙහෙත් දෙන) මේක වැඩියෙන්ම හැදෙන්න ඉඩ තියෙනවා.

මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට යන්නේ නෑ.

රෝගය බෝ වෙන්නේ පරිසරයෙන්. මේක ශරීරගත වෙලා ආසාදන තත්ත්වයට පත්වෙන්නේ ප්‍රතිශක්තිකරණය ඉතාමත්ම දුර්වල වෙලා ඉන්න අයට.

මෙහි වඩාත්ම වැදගත් වන්නේ අවදානම් කණ්ඩායම හඳුනාගැනීම.

විශේෂයෙන්ම පරිසරයේ දිරාපත්වන කසල පුස් ආදිය රැඳෙන ස්ථානවලින් තමයි වායුගෝලයට මේකේ බීජාණු එකතු වෙන්නේ.

ඉතින් එවැනි රෝගීන් තමන්ට එවැනි රෝගයක ලකුණක් හරි තියෙන වෙලාවක වෛද්‍ය උපදෙස් ලබාගැනීම තමයි වැදගත් වෙන්නේ.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now