අනිද්දා රට පුරා කළු කොඩි ඔසවන්නැයි දැනුම් දීමක්..එම තැන් මෙන්න.

Sri Lanka Education Teachers and principles Black flag Josap Stalin
By Aruna Oct 04, 2021 08:04 AM GMT
Aruna

Aruna

Report

ලෝක ගුරු දිනය යෙදෙන මේ මස 6 වැනි දා රටපුරා විදුහල්පතිවරුන් සිය පුද්ගලික නිවස ඉදිරිපිට කළු කොඩි ඔසවා විරෝධතාවක් දක්වන බව ලංකා විදුහල්පති සංගමය සඳහන් කරයි.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටළුව විසඳන ලෙස බලකරමින් එම විරෝධතාව ආරම්භ කරන බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පවසයි.

රටපුරා ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් 11200ක් පමණ සිටින අතර ඔවුන් එම විරෝධතාවයට එක්වන බව ඔහු පවසයි.

මේ අතර සියලුම සරසවි සිසුන්ට 7- 8 දිනවලදී එන්නත විශ්වවිද්‍යාලවල සියලුම සිසුන්ට මෙම මස 7 සහ 8 යන දිනවල දී කොවිඩ් එන්නත ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

තමන්ගේ පදිංචියට ආසන්න විශ්වවිද්‍යාලයේ දී සිසුන්ට එන්නත ලබා ගැනීමට හැකි වන අතර විශ්වවිද්‍යාල හැඳුනුම්පත ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් වෙයි.

කිසිදු හේතුවක් මත තමන්ට අදාළ විශ්වවිද්‍යාලයට පැමිණීමේ අවශ්‍යතාවක් නැතැයි ද මෙම දින දෙකේ දී එන්නත ලබා දී අවසන් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එකඟතාව පළ කර ඇතැයි ද ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළා.

එන්නත ලබා දීමෙන් පසු නොවැම්බර් මාසයේ දී විශ්වවිද්‍යාල විවෘත කිරීමට කොමිෂන් සභාව සූදානමින් සිටියි.

අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන් උපකුලපතිවරුන්ගේ කමිටුව සමග ද සභාපතිවරයා මේ වන විට සාකච්ඡා කර තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha