පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට එක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය දිවයිනට පැමිණෙයි
පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 28 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ඇන්ටිගුවා සහ බාබියුඩා රාජ්‍යයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (07) යළි දිවයිනට පැමිණියාය.
මෙම නිල සංචාරයේදී අග්‍රාමාත්‍යවරිය පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල නායකයන් සමඟ එක්ව ගෝලීය ආර්ථික හා සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූවාය.
එහිදී පොදු අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා සාමාජික රටවල් අතර පවතින සහයෝගීතාව සහ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය.
එමෙන්ම, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් කිහිපයක නායකයන් සහ නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික හමුවීම් කිහිපයකට ද එක්වූවාය.