යතුරුපැදියක් වෑන් රියක ගැටීමෙන් සිදු වූ බිහිසුණු රිය අනතුර (CCTV VIDEO)

By Sithumi Nov 25, 2021 11:06 AM GMT
Report

වෑන් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

රත්නපුර, බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල සන්නස්ගම ප්‍රදේශයේ දී අද (25) උදෑසන එම අනතුර සිදුව ඇත. පැල්මඩුල්ල දෙසට ධාවනය වූ යතුරුපැදිය රත්නපුර දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක එලෙස ගැටී එම අනතුර සිදුවී තිබේ.   

අදාළ අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ CCTV කැමරාවකද සටහන්ව තිබුණි. මේ අතර එම අනතුර දෙස බලමින් ඉදිරියට පැමිණි තවත් යතුරුපැදිකරුවෙකු ද අනතුරට ලක්ව ඇත. පැල්මඩුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now