මගේ සැමියා දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක්, කිළි නිසා මාස තුනක් යනකං ළමයා ළඟට ආවේ නෑ.. ජනප්‍රිය නිළිඅක් කියන හතරබීරි කතාව. (PHOTOS)
භාග්‍යා ගුරුසිංහ කියන්නේ කාලයක් පුංචි තිරයත් රිදී තිරයත් ආලෝකමත් කළ හුරුබුහුටි රංගන ශිල්පිනියක්. ඇගේ දඟකාර කටකාර වැඩ නිසාම බොහෝ රසික රසිකාවියන්ගේ ආදරය නිරන්තරයෙන් ම ඇයට දිනාගැනීමට හැකි වුණා. මීට අවුරුදු 5 කට පෙර ඇය විවාහ දිවියට ඇතුළත් වූ අතර මේ වනවිට ඇය බිරිඳක් විතරක් නෙවෙයි ආදරණීය මවක් ද වෙනවා.
ඉතින් පසුගිය දිනක දී ඇය ගැන සුභ ආරංචියක් අපිට දැන ගන්නට ලැබුණා. ඒ ඇය තෙවැනි වරටත් පුංචි දියණියකට මවක් වෙමින් උතුම් මව් පදවිය ලැබීම. ඉතින් ඔබ අපි කවුරුත් දන්නවා ඇය විවාහ වන්නේ කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ පුතා වන පියුෂාන් සමගිනි.
ඉතින් ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔවුන් ගැන රසික රසිකාවන්ට පැවසුවේ මේ විදියට. “ඇත්තටම මගේ මහත්තයා මාස තුනක් යනකම් මමවත් බබාවත් බලන්න ආවෙ නැහැ. Video call වලින් තමයි අපි කතාබහ කළේ. මොකද එයා දේවාලයේ වැඩ කටයුතු කරන නිසා මාස තුනක් යනකං බබා ලඟට එන්න බැහැ කිළි අහුවෙන නිසා.
ඉස්සෙල්ලා මගේ පුතාව ලැබිලා මාස තුනක් යනකන් එයා ඇඟිලි ගැන ගැන තමයි බලන් හිටියෙ. එයා එද්දී ගෙදර කහ වතුරෙන් සෝදලා පිරිසුදු කරලා තිබුණා. දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක් නේ. රජෙක් එනවා වගේ. ආපු ගමන් බබාව අරගෙන ඉම්බා. බබාත් එකපාරම හූ කියලා සතුටින් කෑ ගැහුවා. එදා දවසම තාත්තාගෙ ඇඟේ හිටියේ. ඇඬුවෙත් නැහැ.
ඇත්තටම බබා ලැබුනට ලැබුණට පස්සේ මගේ බර කිලෝ 80 ක් පමණ වුණා. ඉතින් ගෙවල් ළඟ තියෙන ජිම් එකට ගිහිල්ලා බොහොම අමාරුවෙන් කිලෝ පනස් නවයක් දක්වා දක්වා බස්ස ගත්තා. මං මුලදි නම් ඒ ගැන විශ්වාසයක් තියාගත්තෙ නැහැ. මම ජිම් ගියාට පස්සේ ලොකු වෙනසක් මගේ දකින්නට ලැබුණ නිසා ඒ දේ සාර්ථකයි කියලා හිතෙනවා.
ඉතින් දරුවන්ගෙ වැඩ කටයුතුත් කරගෙන හරිම සතුටෙන් තමයි මේ දවස් වල කාලය ගෙවන්නෙ” මේ විදිහට තමයි ඇය එහිදී කියලා තිබුණේ. ඉතින් පුංචි දියණියකට උපත දෙමින් තෙවැනි වරටත් උතුම් මව් පදවිය ලැබූ ඇයට සුභ පැතුම් එක් කරන ගමන්ම ඇයගේ ඉදිරි අනාගත කටයුතු සියල්ලක් ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |