රූපලාවන්‍ය කටයුතු සිදුකරන අයට රතු එළියක්..කොණ්ඩෙ හදන්න ගිය කතකගේ හිසකෙස් ගැලවී අතට එයි..

Police spokesman Sri Lanka Police Beauty Public Health Inspector
By Aruna Sep 02, 2024 08:06 AM GMT
Aruna

Aruna

Report

සාදයකට සහභාගි වීම සඳහා හිස කෙස් සකසා ගැනීමට ගිය කාන්තාවකට හිසේ ගැල්වූ ද්‍රව්‍යයන් ආසාත්මික වීම හේතුවෙන් සිය හිස කෙස් සියල්ල ගැලවී ගිය පුවතක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මිනුවන්ගොඩ පොලීසිය පවසන්නේ, හිස කෙස් ගැලවී යාමේ බරපතල තත්ත්වයක් ඇති වීම හේතුවෙන් අදාළ කාන්තාව මේ වන විට ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ධනවත්ම නිළිය බවට සුරූපී ඇය පත්වෙයි..ඇයට හිමි ආදායම රුපියල් කෝටි 4600 විශාල ධනයක්.(PHOTOS)

ධනවත්ම නිළිය බවට සුරූපී ඇය පත්වෙයි..ඇයට හිමි ආදායම රුපියල් කෝටි 4600 විශාල ධනයක්.(PHOTOS)


මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ මිනුවන්ගොඩ බොරගොඩ වත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි විවාහක කාන්තාවක් බවයි පැවසෙන්නේ.

ඇය සාදයකට සහභාගී වීම සඳහා හිස කෙස් සකසා ගැනීමට මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයක් වෙත ගොස් ඇති අතර, එහිදී කොණ්ඩය සැකසීම සඳහා හිස ගල්වන ද්‍රව්‍යයන් කිහිපයක්ම ගැල්වීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම ආලේපන යෙදීම නිසා කාන්තාවගේ හිසේ දැඩි දැවිල්ලක් සමග අපහසුතාවයක් දැනීමට පටන් ගෙන ඇති අතර, ඒ බව එම කාන්තාව එහි සිටි සේවිකාවන්ට පවසා ඇත.

එහිදී සේවිකාවන් විසින් අදාළ කාන්තාවගේ හිස සෝදා පිස දමා තිබෙන බවයි පැවසෙන්නේ.

රනිල් සහ මරික්කාර් අතර සුහද හමුවක් ලීක් වෙයි..ජනතා විමුක්ති පෙරමුණ ගැනත් ආන්දෝලනාත්මක කතාවක්.(VIDEO)

රනිල් සහ මරික්කාර් අතර සුහද හමුවක් ලීක් වෙයි..ජනතා විමුක්ති පෙරමුණ ගැනත් ආන්දෝලනාත්මක කතාවක්.(VIDEO)


පවතින අධික අපහසුතාවය නිසා එම කාන්තාව හිස පිරිමැදීමට පටන් ගෙන ඇති අතර, එහිදී ඇයගේ හිසකෙස් සම්පූර්ණයෙන්ම ගැලවී අතට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් කොණ්ඩය සැකසීම සඳහා රුපියල් පහළොස්දහසක කුලියක් ද රූපලාවන්‍යාගාරයෙන් ලබා ගෙන ඇති බවයි, එම කාන්තාව පවසා ඇත්තේ.

ReeCha