ලෝකයම පුදුම කළ ශ්‍රී ලංකාවේ අවුරුදු 11 දරුවා...කැමරාවෙන් කරපු වැඩේ මෙන්න.(ඡායාරූප සහිතයි).

Sri Lanka Gossip bbc-wildlife-photographer-of-the-year-gagana-wic Buddilini
By Aruna Sep 02, 2021 06:04 AM GMT
Aruna

Aruna

Report

බී.බී.සී වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා බවට පත්වීම හෝ ජූරියේ විශේෂ සම්මානයට පාත්‍ර වීම (bbc wildlife photographer of the year) ලොව සෑ ම වනජීවී ඡායාරූප ශිල්පියෙක්ගේ ම සිහිනයක්.

ඊයෙ වෙනතුරු මෙරට දහස් ගණනක් වූ වනජීවී ඡායාරූප ශිල්පීන් අතර එම සිහිනය යථාර්ථයක් බවට පත් කර ගන්නට සමත් ව සිටියේ මෙරට සිටින ප්‍රවීනතම වනජීවී ඡායාරූප ශිල්පියෙකු වන රුක්ෂාන් ජයවර්ධන පමණ යි.

ඔහු වර්ෂ 2002 දී මෙම අනභිභවනීය ගෞරවයට හිමිකම් කියනවා.

කෙසේ වෙතත් ඊයේ නිකුත් කෙරුණු බී.බී.සී වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා 2021(bbc wildlife photographer of the year 2021) ඡායාරූප ප්‍රදර්ශනයේ ප්‍රතිඵල අනුව මෙරට ඡායාරූප ශිල්පීන් දෙදෙනකු ඉදිරිපත් කළ ඡායාරූප මෙවර bbc wildlife photographer of the year 2021 තරගයේ ප්‍රදර්ශන මට්ටමට හා ජුරියේ විශේෂ පැසසුමට (Highly Commended) ලක් වී තිබුණා.

මෙම අතිශය සුවිශේෂී ගෞරවය හිමිකර ගත්තේ බුද්ධිලිනි ඩී සොයිසා හා ගඟන වික්‍රමසිංහ යන දෙදෙනා යි.

මේ අතරෙන් ගඟන වික්‍රමසිංහ තවත් විශේෂ වන්නේ ඔහු තවමත් එකොළොස් හැවිරිදි වියේ ළාබාල දරුවෙකු වීම නිසාවෙන්.

මෙරට සිටින ප්‍රවීන උරග හා උභය ජීවී විද්‍යාඥයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහගේ කනිටු පුත්‍රයා වන ගගන ඡායාරූප ශිල්පයට අමතර ව සිය පියාගේ අඩි පාරේ යමින් මේ වන විටත් පෙරළි කරන උරග හා උභය ජීවී විද්‍යාඥයෙකු වන ලක්ෂණ ප්‍රකට කර හමාර යි.

මාල ගිරා මවක් ගස් බෙනයක සිටින සිය පැටවුන්ට ආහාර කවන අයුරු සිය කැමරාවට ග්‍රහණය කරගත් ගගන එය බී.බී.සී වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා 2021 තරගාවලිය සඳහා ඉදිරිපත් කර තිබුණේ 'Lockdown chicks' නමින්.

සැඩපහරක අසීරුවෙන් පිහිනා යන චීටාවුන් කණ්ඩායමක් බුද්ධිලිනි ඩී සොයිසා 'A Great Swim' නමින් පළ කරන ලද ඡායාරූපයට අන්තර්ගත වී තිබුණා.

පළපුරුදු වනජීවී ඡායාරූප ශිල්පිනියක වන බුද්ධිලිනී මෙම දුර්ලභ දසුන ඇයගේ කැමරාවට හසු කර ගෙන ඇත්තේ කෙන්නයාවේ මසායි මාරා ජාතික වනෝද්‍යානය තුළදී යි.

ලොව පුරා අති දක්ෂ ඡායාරෑප ශීල්පින්ගේ ඡායාරූප 55000ක් පමණ අතරින් මෙම ඡායාරූප යුගලය අවසන් කිහිපය අතරට පැමිණ තිබීමම රටක් හැටියට අප ලැබු සුවිශේෂී ම ජයග්‍රහණයක්.

එම ඡායාරූපයන් පහතින් නරඹන්න?


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery
ReeCha