බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහල වායුගෝලයේ කැලඹිලි - ජනතාවට දැනුම්දීමක්

Report

නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (04) නිවේදනය කළේය.

මෙම කැළඹිලි තත්ත්වය හේතුවෙන් ජනවාරි 05 වැනිදා සිට ඉදිරි දින කිහිපය තුළ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂිතය.

නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මුලතිවු සහ බදුල්ල දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වේ.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50කට වැඩි තද වැසි ඇති විය හැක.

1 සහ 6 ශ්‍රේණිවල ඉන්න සිසුන්ට විශේෂ දැනුම්දීමක්

1 සහ 6 ශ්‍රේණිවල ඉන්න සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අනුරාධපුර, යාපනය, කිලිනොච්චිය සහ වව්නියාව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් බලාපොරොත්තු වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00ට පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්, උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කි.මී. 50 දක්වා තද සුළං හැමීමේ හැකියාවක් තිබේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු විය හැකි අනතුරුවලින් ආරක්ෂිත වීමට ජනතාවට අවශ්‍ය පූර්ව සැලසුම් කර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණවන බව සඳහන් වේ.

රන් මිල වෙනස් වෙයි - අද මිල ගණන් මෙන්න

රන් මිල වෙනස් වෙයි - අද මිල ගණන් මෙන්න

ගාල්ල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) ක් පමණ දක්වා ඉහළ යා හැක.

ගාල්ල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.

අධ්‍යාපන අමාත්‍යංශයෙන් සියලු පාසල්වලට විශේෂ දැනුම්දීමක්

අධ්‍යාපන අමාත්‍යංශයෙන් සියලු පාසල්වලට විශේෂ දැනුම්දීමක්