පාස්කු ප්‍රහාරයේ සැබෑ කුමන්ත්‍රණකරුවන් හඳුනාගෙන නීතිය අනුව දඬුවම් ලබාදිය යුතුයි නාමල් කියයි

Report

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිදු කරන විමර්ශන දේශපාලන ප්‍රතිවාදිතාවන් හෝ භූ-දේශපාලන න්‍යාය පත්‍රය වෙත යොමු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කර තිබේ .

වර්තමාන රජය බලයට පැමිණියේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කරන බවට පොරොන්දු වෙමින් බව සිය X ගිණුමෙහි සටහනක් තබමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි .

මේ රජය බලයට පත්වෙද්දී කිව්වේ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා , ඒවා වචන විතරයි මන්ත්‍රී රංජිත්ගෙන් චෝදනා

මේ රජය බලයට පත්වෙද්දී කිව්වේ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා , ඒවා වචන විතරයි මන්ත්‍රී රංජිත්ගෙන් චෝදනා

එහෙත් එම පරික්ෂණවල වර්තමාන ප්‍රගතිය අනුව එම පොරොන්දුව ඉටු කරන්නේද සහ විමර්ශනයේ විශ්වාසනීයත්වය රැකෙන්නේද යන්න පිළිබඳ බරපතළ ප්‍රශ්න මතුවන බවද ඔහු තව දුරටත් සදහන් කර තිබේ.

ඒ වගේම මන්ත්‍රීවරයා සඳහන් කළේ සාධාරණ, විනිවිදභාවයෙන් යුතු සහ පක්ෂපාතී නොවන විමර්ශනයකට තමා විරුද්ධ නොවන බවත්, එවැනි විශ්වාසනීය පරීක්ෂණයක් සඳහා තමා දැඩිව සහාය දක්වන බවයි

“මෙම කුරිරු ත්‍රස්තවාදී ක්‍රියාව පිටුපස සිටින සැබෑ කුමන්ත්‍රණකරුවන් හඳුනාගෙන නීතිය අනුව දඬුවම් ලබාදිය යුතු බව අප දැඩිව විශ්වාස කරමු,” යැයිද ඔහු   ප්‍රකාශ කර තිබේ.

තවද මෙජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබදව මන්ත්‍රීවරයා සදහන් කළේ ඔහු ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවය හි සේවය කළ ගෞරවනීය හමුදා නිලධාරියෙකු බවයි .

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා දශක තුනකට ආසන්න කාලයක් පැවති ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ගිය සටනේදී වැදගත් භූමිකාවක් ඉටු කළ බව ඔහු වැඩි දුරටත් සදහන් කර තිබේ.

 කෙසේ වෙතත් කාලයත් සමඟම ඔහු පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ කර පසුගිය කාලයේ ව්‍යාජ මතයන් සහ දේශපාලන බලපෑම් සහිත කතා නිර්මාණය වී ඇති තිබුණ  බවද  එතුමා සදහන් කර ඇත .

ඒ වගේම ඔහු සදහන් කළේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරි පුද්ගලයන්ට එම මට්ටමේම විමර්ශන සිදු වී නොමැති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තව දුරටත් සදහන් කළේ නිල කොමිෂන් වාර්තා තුළ නොසැලකිල්ල සඳහා සඳහන් වූ සමහර පුද්ගලයන් පසුව වර්තමාන රජය සමඟ එකතුවී නොමැති බවත් ඔවුන්ට උසස් තනතුරු ලබා දී තිබෙන බවත් සුරේෂ් සලේ මහතා පමණක් විශේෂයෙන් ඉලක්ක කරමින් විමර්ශන සඳහා යොමු කර තිබෙන බවයි  .

දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිටි පුංචි පුතුට අත්වුණ අවාසනාවන්ත ඉරණම

දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිටි පුංචි පුතුට අත්වුණ අවාසනාවන්ත ඉරණම