විරෝධතාකරුවන් පිරිසක් දුම්රියක් නතර කරයි
By Sithumi
අද (25) කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වූ දුම්රියක් විරෝධතාකරුවන් පිරිසක් විසින් නතර කර තිබේ. ඒ, මඩකලපුව ස්විස්ගම ප්‍රදේශයේදීය.
දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීම හේතුවෙන් සිය ගම්මානයට පිවිසීමට අපහසු බව පවසමින් පිරිස මෙලෙස විරෝධය පළ කර ඇති බව වාර්තා වනවා..
පැය දෙකක පමණ කාලයක් දුම්රිය නතර කර තිබෙන අතර පසුව දුම්රිය මාර්ගයේ අදාළ කොටසට ගල් අතුරා සකස් කිරීමෙන් අනතුරුව විරෝධතාවය අවසන් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |