පොහොට්ටු පුප්පන්න බැසිල් යලි එයි
මාස කිහිපයක් තිස්සේ විදේශගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඒ මහතා එළඹෙන බ්‍රහස්පතින්දා දින මෙරට පැමිණෙනු ඇති බවයි.
පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ඔහු ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය අතර ඔහු එරට පුරවැසියෙක්ද වනවා.
ඔහු මෙරටට පැමිණීමෙන් පසු නැවත දේශපාලන කටයුතු ආරම්භ කරන්නේද නැද්ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත්කර නැති බවද වාර්තා වනවා.