ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුම් දීමක්

By Hashini May 18, 2025 07:19 AM GMT
Report

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත්තේ නිරිත දිග මෝසමේ බලපෑම හේතුවෙන් පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය මත හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සඳහා සියලු දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සුදානම් කර ඇති බවයි.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කලේ 117 හදිසි ඇමතුම් අංකය භාෂා ත්‍රිත්වයෙන්ම පැය 24 පුරා ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක බවයි.

මේ වන විට විශේෂ ආපදා තත්ත්වයක් වාර්තා නොමැති අතර කාලගුණ විද්‍යා දෙපාර්ත්මෙන්තුවේ දත්තයන්ට අනුව වැසි වැඩිවීමක් සමඟ ඉදිරියේදී ආපදා තත්ත්වයක් ඇති විය හැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා. 

විදුලි බිලේ අවසන් තීන්දුව ගන්නේ ජුනි මාසෙලු

විදුලි බිලේ අවසන් තීන්දුව ගන්නේ ජුනි මාසෙලු