ලංකාවම කළඹවමින් හදිසියේම වෙරළට ආ අමුත්තෝ..(PHOTOS)
By Sewvandhi
පානදුර පොලිසිය පවසන්නේ, බෙලිඇනයා (Barnacle) මුහුදු ජීවින් විශාල පිරිසක් පානදුර මුහුදු වෙරළට පැමිණ සිටි බවයි.
ඊයේ (10) දින මෙම ජීවීන් විශාල පිරිසක් දකින්නට ලැබුණු බවයි, එම පොලිසියේ ජීවත ආරක්ෂක ඒකකය පවසන්නේ.
Anatifera විද්‍යාත්මක නාමයෙන් හදුන්වන එම මුහුදු ජීවින් ස්පාඤ්ඤ යේ රසවත් ආහාරයක් බවද සදහන්.
මුහුදු ජලය අපවිත්‍ර වීමත් සමග මෙම ජීවින් වෙරළට පැමිණෙන බවයි වනජීවී නිළධාරින් සදහන් කරන්නේ.
එසේ පැම්ණී ජීවින් ලී කොට කිහිපයක රැදී සිටි බවත් එය දැක ගැනීමට වෙරළට අවට ජනතාව රැස්ව සිටි බවයි පොලිසිය පවසුවේ.
මෙම ජීවීන් ඔබට හඳුනා ගැනීමට අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ඡායාරූප කිහිපයක් පහතින්..