“දීගල සමන්” ගේ කෝටි දෙකක සුඛෝපභෝගී නිවසට තහනමක්

Report

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින අජිත් පෙරේරා හෙවත් ‘දීගල සමන්’ නැමැත්තාට අයත් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී නිවසක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කර තිබේ.

අදාළ නිවස පිහිටා ඇත්තේ අවිස්සාවේල, දෙහිඕවිට ප්‍රදේශයේයි. එය දෙමහල් නිවසක් වන අතර, පොලීසි විමර්ශනවලදී එය සැකකරුගේ අනියම් බිරිඳගේ නමට මිලදී ගෙන ඇති බව අනාවරණය වී ඇත.

පොලීසිය පවසන පරිදි, සැකකරුට මෙම නිවස මිලදී ගැනීම සඳහා භාවිතා කළ මුදල් උපයාගත් ආකාරය පැහැදිලි කිරීමට නොහැකි වීම හේතුවෙන්, එය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලබාගත් නීතිවිරෝධී මුදල් බව සැක කෙරේ. එබැවින් නීතිවිරෝධී වත්කම් පනත යටතේ නිවස තහනම් කිරීමට කටයුතු කර ඇත.

මෙම පියවර පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් තහවුරු කර ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නීතිවිරෝධී වත්කම් විමර්ශනය හා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේ කොටසකි. දීගල සමන් මත්ද්‍රව්‍ය ජාලයන් සමග සම්බන්ධ බවට බරපතල චෝදනා එල්ල වී ඇති අයෙකි. 

‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ මරණ දෙකක් - අවසන් වාර්තා සඟවා ඇති බවට සජබෙන් හෙළිදරව්වක්

‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ මරණ දෙකක් - අවසන් වාර්තා සඟවා ඇති බවට සජබෙන් හෙළිදරව්වක්

ලූලාගේ බදු නිදහස් ප්‍රකාශයෙන් බ්‍රසීල දේශපාලනය උණුසුම් වෙයි

ලූලාගේ බදු නිදහස් ප්‍රකාශයෙන් බ්‍රසීල දේශපාලනය උණුසුම් වෙයි