බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට ඇප - ඇප කොන්දේසි එකක් හෝ කඩකළොත් ආයෙත් රිමාන්ඩ්

Report

බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හිමිවරු සිව්නමකට සහ තවත් හය දෙනෙකුට ත්‍රිකුණාමලය මහාධිකරණයෙන් ඇප හිමිව ඇත.

ඒ, එක් අයෙකුට රුපියල් 10,000ක් බැගින් වූ මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත බව වාර්තා වේ.

එමෙන්ම සාක්ෂි සහ විමර්ශනවලට බාධා නොකළ යුතු බවත්, නඩු දිනවලට අනිවාර්යෙන්ම පෙනී සිටිය යුතු බවත්, සහ ආගමික සහ පොදු කටයුතුවලට බාධා නොකළ යුතු බවටත් වන ඇප කොන්දේසි අඳාළ සැකකරුවන් 10 දෙනාට අධිකරණයෙන් නියම කර ඇත.

කස්සප හිමි ඇතුළු භික්ෂූන් පිරිසක් අද උසාවියට

කස්සප හිමි ඇතුළු භික්ෂූන් පිරිසක් අද උසාවියට

ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු එන්.එම්.එම්. අබ්දුල්ලා මෙම නියෝගය නිකුත් කරමින් කියා සිටියේ, ඉහත ඇප කොන්දේසි එකක් හෝ කිහිපයක් කඩකළහොත් ඇප නියෝගය අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන බවයි.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ගැළවීමක් නෑ - යළි රිමාන්ඩ්

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ගැළවීමක් නෑ - යළි රිමාන්ඩ්

අධිකරණයට යන මඟ උණුසුම් තත්ත්වයක් - එකවරම සැකකරුවෙකුට වීදුරු බෝතල් ප්‍රහාරයක්

අධිකරණයට යන මඟ උණුසුම් තත්ත්වයක් - එකවරම සැකකරුවෙකුට වීදුරු බෝතල් ප්‍රහාරයක්