"මට උදව් කරන්නේ නැති අයට මගෙන් උදව් නැහැ" - යුරෝපා මිතුරන් ලැයිස්තුවෙන් ඉතාලිය සහ ස්පාඤ්ඤය කැපෙයි?

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තම හමුදා ඉවත් කරගැනීමට තර්ජනය කරන රටවල් ලැයිස්තුවට ඉතාලිය සහ ස්පාඤ්ඤය ද එක්ව තිබේ.

මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ට්‍රම්ප් සඳහන් කළේ, ඉරානය තුළ අමෙරිකාව ගෙන යන යුද ව්‍යාපාරය මෙම රටවල් දෙක විසින් විවේචනය කිරීම හේතුවෙන් එවැනි පියවරක් ගැනීමට “බොහෝ දුරට” හැකි බවයි.

“මම එහෙම නොකර ඉන්න හේතුවක් නැහැ. ඉතාලිය අපට කිසිදු සහයෝගයක් ලබාදී නැහැ, ස්පාඤ්ඤයත් ඉතා නරක ලෙස හැසිරුණා,” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මෙම රටවල් දෙකම මැදපෙරදිග තුළ පවතින අමෙරිකානු යුද ක්‍රියාමාර්ග දැඩි ලෙස විවේචනය කර ඇති අතර, එම ගැටුමට එක්වීම ප්‍රතික්ෂේප කර ඇත.

ඉතාලියේ අගමැති ජෝර්ජියා මෙලෝනි, පෙර ට්‍රම්ප්ගේ සමීප හිතවතියක් වූවත්, රෝමය යුද්ධයට එක්වීමට නොසූදානම් වීම හේතුවෙන් දෙපාර්ශවය අතර සම්බන්ධතා තදවී ඇති බව වාර්තා වේ. ට්‍රම්ප් ඇය “ධෛර්යයක් නොමැති” ලෙස විවේචනය කර ඇති අතර, ලියෝ පාප්වහන්සේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයන් ඇය විසින් විවේචනය කිරීම පිළිබඳවද අසතුට පළ කර ඇත.

ඇමරිකාවේ පාසලක් ලේවලින් තෙත් වෙයි - පිහියක් අතට ගත් සිසුවාගෙන් මාරක ප්‍රහාරයක්

ඇමරිකාවේ පාසලක් ලේවලින් තෙත් වෙයි - පිහියක් අතට ගත් සිසුවාගෙන් මාරක ප්‍රහාරයක්

තවද, අමෙරිකාව නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකිරීම හේතුවෙන්, ඉරාන යුද්ධයට සම්බන්ධ හමුදා ගුවන් යානා සඳහා සිසිලියේ ගුවන් කඳවුර භාවිතයට ඉතාලිය අවසර නොදුන් බවද සඳහන් වේ.

එමෙන්ම, පේද්‍රෝ සැන්චෙස් මෙම යුද්ධයේ ආරම්භයේ සිටම ප්‍රබල යුරෝපීය විවේචකයෙකු ලෙස සිටින අතර, ඔහුට එරෙහිව ට්‍රම්ප් විසින් වෙළඳ සම්බාධක පැනවීම හෝ නේටෝ සාමාජිකත්වය සම්බන්ධ තර්ජනද එල්ල කර ඇති බව වාර්තා වේ. 

හිතුවක්කාරී ලෙස පවත්වාගෙන යන පෙර පාසල්වලට වැට බඳී - ඇමතිනි සරෝජාගෙන් දැඩි තීරණයක්

හිතුවක්කාරී ලෙස පවත්වාගෙන යන පෙර පාසල්වලට වැට බඳී - ඇමතිනි සරෝජාගෙන් දැඩි තීරණයක්

තෙල් මිල ගැන අවධානයෙන් හිටපු අයට විශේෂ පණිවිඩයක් - මිල ගණන් මෙන්න

තෙල් මිල ගැන අවධානයෙන් හිටපු අයට විශේෂ පණිවිඩයක් - මිල ගණන් මෙන්න