වහාම ළගම ඇති ආරක්ෂිත ස්ථානයට යන්න - ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වේ
බහරේනයේ ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වී ඇත. බහරේන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එරට ජනතාවට විශේෂ උපදේශනයක් නිකුත් කර ඇත.
ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සංඥා නාද වීමත් සමඟ වහාම තමන්ට ආසන්නතම ආරක්ෂිත ස්ථානයක් වෙත යන ලෙසත් කලබල නොවී සන්සුන්ව සිටින ලෙසත් ජනතාවට දන්වා ඇත.
මීට අමතරව දකුණු කොරියාවේ ස්ථාපිත කර ඇති අමෙරිකානු අවි පද්ධති මැදපෙරදිග කලාපයට මාරු කිරීම මගින් උතුරු කොරියාවට එරෙහිව පවතින ආරක්ෂක ශක්තියට බාධාවක් නොවන බව එරට ජනාධිපති ලී ජේ මියුන්ග් පවසා ඇත.
ගුවන් ආරක්ෂක අවි දකුණු කොරියාවෙන් ඉවතට රැගෙන යාමට සිය රට විරුද්ධ වුවද, සෑම දෙයක්ම තම රටට අවශ්‍ය පරිදිම සිදුකර ගැනීමට නොහැකි වීම පැහැදිලි යථාර්ථයක් බව ද ඔහු පිළිගෙන තිබේ.