1984න් පස්සෙ දරුණුම ගංවතුර තත්ත්වය මේකයි

Report

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වැලිමඩ නගරය ජලයෙන් යටවී ඇත. 1984 වසරෙන් පසු ප්‍රදේශයේ ඇති වූ දරුණුතම ගංවතුර මෙයයි. මේ හේතුවෙන් ප්‍රදේශයේ බොහෝ පිරිසක් අවතැන් වී ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් වැලිමඩ නගරය ජලයෙන් යටවී ඇත.ඌව පළාතේ පුද්ගලයින් 18 දෙනෙකු, සබරගමුව පළාතේ 7 දෙනෙකු, මධ්‍යම පළාතේ 4 දෙනෙකු සහ දකුණු සහ වයඹ පළාත්වල එක් අයෙකු බැගින් මිය ගොස් ඇති බව වාර්තා වේ.

බදුල්ලේ නායයෑමේ මරණ ගණන ඉහළට

බදුල්ලේ නායයෑමේ මරණ ගණන ඉහළට

මීට අමතරව, දිස්ත්‍රික්ක 17 ක පවුල් 1,158 ක පුද්ගලයින් 4,008 දෙනෙකු ආපදාවෙන් පීඩාවට පත්ව ඇති බවත්, පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදහන් වී ඇති බවත් මධ්‍යස්ථානය නිවේදනය කර ඇත.

අනපේක්ෂිත කාලගුණය හේතුවෙන් අවතැන් වූ ජනතාව මේ වන විට ආරක්ෂිත ස්ථානවල නවාතැන් ගෙන සිටීම සැලකිය යුතු කරුණකි.

බදුල්ල පැති 6කින් නාය යයි - 4ක් මරුට - 15ක් අතුරුදන්

බදුල්ල පැති 6කින් නාය යයි - 4ක් මරුට - 15ක් අතුරුදන්