ශ්‍රී ලංකා ආර්ථිකයට සුවිශේෂී ප්‍රගතියක් - විදෙස් ප්‍රේෂණ 24.5%කින් ඉහළට

Report

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමි­ක­යන් මෙර­ටට සිදු­ක­රන ප්‍රේෂ­ණ­වල වටි­නා­කම සිය­යට 24.5කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර තිබේ.

 පසු­ගිය 2025 වසරේ මුල් මාස හත­රක කාල­යේදී අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 2, 460.5ක විදෙස් ප්‍රේෂණ මෙර­ටට ලැබී තිබෙන අතර ඊට සාපේ­ක්ෂව මේ වසරේ මුල් මාස හතර තුළ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 3,062.8ක ප්‍රේෂණ ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකු­ත්කළ නව­තම වාර්තා­වක් මඟින් පෙන්වා දෙයි.

මෑත මාස­ව­ලදී ලැබුණු ධනා­ත්මක ප්‍රව­ණ­තාව අඛ­ණ්ඩව පවත්වා ගනි­මින් පසු­ගිය අප්‍රේල් මාස­යේදී පම­ණක් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 767.9ක විදෙස් ප්‍රේෂණ මෙර­ටට ලැබී  ඇත. 

එය පසු­ගිය 2025 වසරේ අප්‍රේල් මාස­යේදී මෙර­ටට ලැබුණු අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 646.1ක අග­යට සාපේ­ක්ෂව සිය­යට 18.8ක වර්ධ­න­යක් බව ද මහ බැංකුව සදහන් කර තිබේ .

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය පව­සන්නේ රැකියා සඳහා විදේ­ශ­ගත වන පිරිසේ වර්ධ­න­යක් පෙන්නු­ම්කර තිබෙන අතර විශේ­ෂ­යෙන්ම පුහුණු ශ්‍රමි­ක­යන් ලෙස වැඩි වශ­යෙන් පිටත්ව යාම කෙරෙහි විශේෂ අව­ධා­න­යක් යොමුව තිබෙන බවයි.