බැංකු ගණුදෙනු කරන අයට මෙන්න වැදගත් පණිවුඩයක්.

Business Mobile Central Bank of Sri Lanka Sri Lanka Politician
By Aruna Dec 14, 2023 05:32 AM GMT
Aruna

Aruna

Report

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර සමථකරණයකට යාම සඳහා මුල්‍ය නීති රෙගුලාසි සංශෝධනය කළ හැකි නම්, මුල්‍ය ආයතනවලින් ණය ගෙන ගෙවාගත නොහැකි බොහෝ පිරිසක් ආරක්ෂා කරගත හැකි බව, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයා සඳහන් කළේ, බැංකු ක්ෂේත්‍රයේ විශ්‍රාම ගිය පිරිසකට පුහුණුවක් දී එම කාර්යය සඳහා යෙදවිය හැකි බවයි.

තැන්පත්කරුවන් සඳහා රක්ෂණ ක්‍රමයක් සැකසීම සඳහා යෝජනාවක්ද තමන් නියෝජනය කරන බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව හමුවේ ඉදිරිපත් වූ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

බැංකුකරුවන්ගේ සංගමයද එම කමිටුව ඉදිරියට පැමිණ කරුණු ඉදිරිපත් කළ බවයි, හෙතෙම වැඩිදුරටත් අනාවරණ කළේ.

මේ නිසා එම කමිටුව ඔස්සේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්, මූල්‍ය නීති සංශෝධනය පිළිබඳ විෂය භාර අමාත්‍යවරුන්ගේ අවධානය යොමුකරන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.

අය-වැය කාරක සභා අවස්ථාවේ අවසන් දින විවාදයට එක්වෙමින් යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.

ජාතික බැංකු මෙන්ම පෞද්ගලික බැංකුවල ඉතිරිකිරීම්හි වැඩිම දායකත්වය දක්වන්නේ කාන්තාවන් බව කී ඔහු, එම ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවල අඩුම ගණනේ ආසන දෙකක්වත් කාන්තාවන්ට අයත්වන ලෙස නීති සංශෝධනය කළ හැකි නම් එය වැදගත් බවයි කියා සිටියේ.

ඔහු සඳහන් කළේ, මෙරට සාමාන්‍ය වයස අවුරුදු 30ක් පමණ වන බවද නුදුරේදී එය අවුරුදු 40 ක් වන බවද, ඒ අනුව මෙරට වයස්ගත ජනගහණයක් ඇතිවන බවද, මුල්‍ය සාක්ෂරතාවය අවම මට්ටමක පවතින නිසා එය වර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවය.

තාක්ෂණය ඔස්සේ තරුණ පරපුර යොමුවී ඇති ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency) වැනි සහ ඔට්ටු සීට්ටු ආදී ඔස්සේ ඇති ක්ෂුද්‍ර මුල්‍ය වැනි අවිධිමත් අංශ සඳහා රෙගුලාසි ඇතිවිය යුතු බව ඔහු අනාවරණය කළේ ය.

වාර්තා අනුව දිවයින පුරා ක්ෂුද්‍ර මූල්‍ය හා කාන්තා සමූපකාර අංශවල අයකරගත නොහැකි මුදල රුපියල් බිලියන 20ක් පමණ වන බව ප්‍රකාශ කළ ඔහු, මේ සඳහා නව තාක්ෂණය ඔස්සේ ප්‍රවේශයක් අවශ්‍ය බවද කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලැබී ඇති අතර රට සංවර්ධනය කරා යොමුවී ඇති බවද යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කළාඤ.

ReeCha