ශ්‍රී ලාංකික කතක් තෙවන වරටත් තැබූ වාර්තාවක්.
Sri Lanka
Australia
Businessman
By Dhananjaya
ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් වන ෂෙමාරා වික්‍රමනායක තෙවැනි වතාවටත් නම් දරනු ලැබුවා.
ඇය මැකෝරි සමූහ ව්‍යාපරයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරන අතර මෙම වසරේ ඇය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 32.8 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 70 ක් පමණ) මුදලක වාර්ෂික වැටුප් පැකේජයකට හිමිකම් කීය.
පෙර වසරට සාපේක්ෂව ෂෙමාරා වික්‍රමනායක මහත්මියගේ මෙම වසරේ වැටුප් පැකේජය සියයට 30 කින් වර්ධනය වී ඇති අතර මැකෝරි සමූහ ව්‍යාපරය ඕස්ට්‍රේලියාව කේන්ද්‍රකරගත් දැවැන්ත මූල්‍ය සමාගම් සමූහයකි.
2018 වසරේ ෂෙමාරා වික්‍රමනායක මැකෝරි සමූහ ව්‍යාපරයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත්ව තිබෙනවා.
එමෙන්ම මෙම තනතුරුට පත් වූ ප්‍රථම කාන්තාවද ෂෙමාරා වික්‍රමනායක මහත්මිය ද වනවා.
