ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අතර හමුවක් - හේතුව මෙන්න

Report

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක් මහතා අතර විශේෂ හමුවක් අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

දෙරට අතර පවතින දීර්ඝකාලීන සහ ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කරමින් පැවැති මෙම සාකච්ඡාවේදී, ශ්‍රී ලාංකිකයන් සඳහා ඔස්ට්‍රේලියාවේ පවතින අධ්‍යාපන සහ රැකියා අවස්ථා පුළුල් කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි.

ට්‍රම්ප්ගේ ප්‍රකාශ තවදුරටත් වලංගු නෑ - ට්‍රම්ප්ව ගනන් ගන්නේ නැති බව ඉරානෙන් අපහාස

ට්‍රම්ප්ගේ ප්‍රකාශ තවදුරටත් වලංගු නෑ - ට්‍රම්ප්ව ගනන් ගන්නේ නැති බව ඉරානෙන් අපහාස

එහිදී අදහස් දැක්වූ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා, අධ්‍යාපන ක්ෂේත්‍රය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව හරහා දෙරට අතර පවතින සමීප බැඳීම සිහිපත් කළ අතර, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, කෘෂිකර්ම සහ තිරසර සංවර්ධන ක්ෂේත්‍රවල ප්‍රගතිය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහායක් ලබාදීමට තම රට සූදානම් බව අවධාරණය කළේය.

කලාපීය ආරක්ෂාව පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු වූ අතර, විශේෂයෙන් ඉන්දියන් සාගරය කේන්ද්‍ර කරගත් මිනිස් ජාවාරම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව දෙරටම දැඩි අවධානයෙන් හා සහයෝගයෙන් කටයුතු කරන බව ප්‍රකාශ විය.

මීට අමතරව මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ දෙරටටම එල්ල වී ඇති බලපෑම් පිළිබඳව ද දෙපාර්ශ්වයම කරුණු සාකච්ඡා කළහ.

කිරිපිටි මිල හා තිරිඟු පිටි මිල ගැන දැනුම්දීමක්

කිරිපිටි මිල හා තිරිඟු පිටි මිල ගැන දැනුම්දීමක්

මෙම අවස්ථාව සඳහා ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් රුත් බයිර්ඩ් (Ruth Baird) සහ දෙවන ලේකම් මැතිව් ලෝඩ් (Matthew Lord) යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.