දරුණු අනතුරට ලක් වූ එයාර් කැනඩා ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා ජීවිතක්ෂයට

Report

නිව්යෝර්ක් නුවර ලාගාඩියා 'LaGuardia' ගුවන් තොටුපොල වෙත ගොඩබස්වන ලද එයාර් කැනඩා එක්ස්ප්‍රස් යානයක් සහ ගුවන් තොටුපොළ ගිනි නිවන රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ගුවන් නියමුවා සහ සහාය නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.

මෙම අනතුරින් පුද්ගලයින් 41 දෙනෙකු රෝහල්ගත කර ඇත. ඉන් 39 දෙනෙකු ගුවන් යානයේ සිටි මගීන් වන අතර අනෙක් දෙදෙනා ගිනි නිවන රථයේ සිටි නිලධාරීන් බව වාර්තා වේ .

ජෑස් ඒවියේෂන් සමාගම මගින් ක්‍රියාත්මක කරන ලද මෙම එයාර් කැනඩා 8646 දරන යානය මොන්ට්‍රියල් සිට පැමිණ තිබෙන බව සදහන්ය. මෙම අනතුර සිදුවන අවස්ථාවේ එහි පුද්ගලයන් 70 දෙනෙකු සිට ඇත.

එයාර් කැනඩා ගුවන් යානයක් සහ ගිනි නිවන රථයක් නිව්යෝර්ක් හිදී ගැටේ

එයාර් කැනඩා ගුවන් යානයක් සහ ගිනි නිවන රථයක් නිව්යෝර්ක් හිදී ගැටේ

යුනයිටඩ් එයාර්ලයින්ස් යානයක ඇති වූ හදිසි තත්ත්වයකට ප්‍රතිචාර දැක්වීම සඳහා ගිනි නිවන රථය ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව ඇත.

එයාර් කැනඩා යානය ගොඩබස්වා පැයට සැතපුම් 24ක වේගයෙන් මන්දගාමී වෙමින් තිබියදී මෙම ගිනි නිවන රථය සමඟ ගැටී ඇති බව වාර්තා වේ.

අනතුරත් සමඟ බලධාරීන් පියවර ගෙන තිබෙනුයේ ලාගාඩියා ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දැමීමටයි.

 මේ වනවිට මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව වාර්තා වේ ගොඩබෑමේ මාවතේ යානයක් තිබියදී ගිනි නිවන රථයකට එතැනට පැමිණියේ කෙසේ ද යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බව සඳහන්ය.

අමරිකානු හමුදා කඳවුරුවලට බලය සපයන මැදපෙරදිග විදුලි බලාගාරවලට පහර දෙන බවට ඉරානයෙන් තර්ජන

අමරිකානු හමුදා කඳවුරුවලට බලය සපයන මැදපෙරදිග විදුලි බලාගාරවලට පහර දෙන බවට ඉරානයෙන් තර්ජන

මෙම දරුණු අනතුරට හේතු වන්නට ඇතැයි සැක කරනු ලබන්න්නේ ගුවන් පාලක මැදිරිය විසින් ගිනි නිවන රථය නැවැත්වීමට උත්සාහ කර ඇති බවට හඬ පට මගින් අනාවරණය වී ඇති අතර, සන්නිවේදන දෝෂයකි.