ඉදිරි පැය 48 අවදානයෙන්. - වලවේ ගඟ දෙපස ජනතාවට විශේෂ දැනුම්දීමක්.
Sri Lanka
Weather
By Wayomi
අධික වැසි සහිත තත්ත්වයත් සමඟ මේ වනවිට උඩවලව ජලාශය පිරී යමින් පවතිනවා.
මේ හේතුවෙන් ඉදිරි පැය 48 තුළ උඩවලව ජලාශය වාන් දැමීම ආරම්භ කරනු ඇති බවයි මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ඒකකයේ උසස් නිලධාරියෙක් කියා සිටියේ.
ඒ, අනුව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවනු ඇති බවත්, උඩවලව ජලාශයෙන් පහළ වලවේ ගඟ දෙපස පහත්බිම්වල ජනතාව මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙසටත් මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ඒකකය වැඩිදුරටත් දැනුම් දෙනවා.
