තවත් සන්නද්ධ යතුරුපැදි කල්ලියකින් ප්‍රරහාරයක්

jaffna attack marudhanaar madam chunnaakam police koopai
By Sewvandhi Jul 03, 2021 12:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

යාපනය මරුදනාර්මඩම් ප්‍රදේශයේ නිවසකට 01 රාත්‍රියේ කිසියම් නාදුනන පිරිසක් පැමිණ දේපල හානි සිදුකොට පලා ගොස් ඇතැයි චුන්නාකම් පොලීසිය පවසයි. මරුදනාර්මඩම් වෙළඳපොළ ආසන්නයේ පිහිටි අදාල නිවසට යතුරුපැදි 04 කින් 06 දෙනෙකුගෙන් යුතු පිරිසක් පැමිණ අදාල ප්‍රහාරය සිදු කොට ඇති අතර තියුණු ආයුධ සමගින් පැමිණි පිරිස් නිවැසියන් බිය ගන්වා තර්ජනය කොට ගෙමිදුලේ නවතා තිබූ පාපැදියකට සහ ත්‍රී රෝදරථයකට ඇතුලු දේපලවලට හානි කොට පලා ගිය බවට නිවැසියන් පොලිසියට පවසා ඇත.

මේ අතර ගෙවී ගිය දින පහක කාලය තුලදී යාපනයේ ස්ථාන 04 කදී තියුණු ආයුධ ගත් කල්ලි පහරදීම් 04 ක් වාර්ථා වී ඇති අතර ඉන් 08 දෙනෙකු තුවාල ලබා දේපලද රැසක් සිදුව ඇති බවට පොලීසිය පෙන්වා දෙයි.

එහිදී කෝපායි පොලිස් වසමේ කොණ්ඩාවිල් සෙල්වපුරම් ටික් ටොක් වීඩියෝ ස්ථානයට පහරදී පුද්ගලයින් 08 දෙනෙකුට තුවාල සිදු කොට දේපල විනාශ කිරීම, කොණ්ඩාවිල් පූතූර්හි නිවසක දේපලවලට හානි කිරීම, කොකුවිල් කොවිලඩි නිවාස දෙකක දේපල හානි සිදු කිරීම සහ අවසන් සිදුවීම වූ මරුදනාර්මඩම් නිවසේ දේපලවලට හානිකිරීම යන සිදුවීම් වාර්ථා වී ඇත. කෙසේ නමුත් අදාල පහරදීම් සම්බන්ධයෙන් කිසිවෙකුත් මේ දක්වා අත්අඩංගුවට ගෙන නෙමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha