ජාතික ශූරයෙකුට දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලේ වරම් අහිමි වේ?

Sports Sinhala news
By Mithu Apr 10, 2025 11:34 AM GMT
Mithu

Mithu

Report

 පිරිමි මීටර 800 ඉසව්ව නියෝජනය කරන මලල ක්‍රීඩක හර්ෂ කරුණාරත්න මැයි මාසයේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු මලල ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර නැතැයි ඔහුගේ පුහුණුකරු චෝදනා කරයි.

ඉදිරියේ දී වාහනවල දඩ ගෙවන්නේ මෙහෙමයි

ඉදිරියේ දී වාහනවල දඩ ගෙවන්නේ මෙහෙමයි

ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට ද ලිපියක් යොමුකළ බවයි. 2023 සහ 2024 වසරවල පිරිමි මිටර 800 ඉසව්වේ ජාතික ශූරයා වූයේ හර්ෂ කරුණාරත්නයි. එළඹෙන මැයි මාසයේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු මලල ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකා සංචිතයට හර්ෂගේ නම ඇතුළත් කර නැත.

අවදානම ඉහලට... රෝගයෙන් බස්නාහිරට වැඩිම බලපෑමක්...

අවදානම ඉහලට... රෝගයෙන් බස්නාහිරට වැඩිම බලපෑමක්...

පුහුණුකරු පෙන්වා දෙන්නේ, පසුගිය වසර දෙක තුළ දැක්වූ දක්ෂතා සළකා බලා හර්ෂට දකුණු ආසියානු මලල ක්‍රීඩා උලෙළට සහභාගීවීමට අවස්ථාව ලබාදිය යුතු බවය.

ReeCha