අස්වැසුම පොලීමේ සිටි අයෙක් හදිසියේම මිය යයි..

Provincial Council Government Employee Accident Death
By Aruna Jul 27, 2023 06:53 AM GMT
Aruna

Aruna

Report

අස්වැසුම වැඩසටහන පිළිබදව සොයා බැලීම සඳහා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ, පෝලිමේ රැදී සිටි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

අද උදෑසන මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, නමුණුකුල ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

මේ දිනවල අස්වැසුම වැඩසටහනට අදාළව අයදුම්පත්‍ර සහ බැංකු ගිණුම් විවෘත කිරීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුවේ.

අද දිනයේ දිවයින පුරා රාජ්‍ය බැංකු රැසක දිගු පෝලිම් දක්නට ලැබූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ReeCha