අද සිට ආරම්භ වෙන මුදල් ලබා දීම - ලබා ගත හැකි ආකාරය මෙන්න.

Shehan Semasinghe Sri Lanka Politician Sri Lanka Government Of Sri Lanka Ministry of Finance Sri Lanka
By krishani Nov 01, 2023 02:27 AM GMT
krishani

krishani

Report

අද (01) සිට අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අගෝස්තු මාසයට අදාළ ගෙවීම් ආරම්භ කරන බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ‍පවතින ගැටලු විසඳීම සඳහා 'අස්වැසුම සතියක්' නොවැම්බර් මස 06 වනදා සිට 11 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව ඒ මහතා පැවසීය. 

අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ දැනට, ජූලි මාසයට අදාළව ගෙවීම් කටයුතු සිදුකර ඇති බවයි.

එමෙන්ම මුදල් අමාත්‍යාංශය, මහ භාණ්ඩාගාරය විසින් බැංකු වෙත ප්‍රතිලාභීන් 1,365,000ක් සඳහා රුපියල් බිලියන 8.5ක මුදලක් ලබාදෙන්න කටයුතු කළ අතර ඒ අනුව ප්‍රතිලාභීන් සඳහා අද සිට ප්‍රතිලාභ ලබාගැනීමට හැකියාවක් ඇත.

වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා,

"ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා නොවැම්බර් මාසය තුළම තවත් ගෙවීමක් කරන්න.ඒ ගෙවීම කරන්නේ සැප්තැම්බර් මාසයට අදාළව. මේ 1,365,000ක ප්‍රමාණය බොහෝ වෙලාවට ඊට වඩා වැඩි පවුල් සංඛ්‍යාවක් බවට පත්වෙයි.

මොකද අපි දැනට අභියාචනා සහ විරෝධතා ඇවිල්ලා, ඒ වගේම හැඳුනුම්පත්වල තියෙන ගැටලු, එහෙම නැත්නම් බැංකුවල තියෙන ගැටලු නිරාකරණය වෙන සෑම ප්‍රතිලාභියෙකුටම මේ ගෙවීම් සිදුකරන්න නියමිතයි.ඒ අනුව මේ අවුරුද්ද අවසාන වෙද්දි ජූලි සිට දෙසැම්බර් දක්වා සියලු ගෙවීම් සිදුකර අවසන්." යනුවෙන් ය.

ReeCha