එන්නත් නිෂ්පාදන සමාගමකට අධිකරණ නියෝගයක්
ලබන සැප්තැම්බර් මස 27 වැනිදා වන විට යුරෝපා සංගමයට එන්නත් මාත්‍රා මිලියන 80.2 ක් ලබාදෙන්නැයි බෙල්ජියම් අධිකරණයක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිෂ්පාදන සමාගමට නියෝග කර තිබෙනවා.
ඒ, ජුනි මස අවසානය වන විට එන්නත් මිලියන 120 ක් ලබාදෙන බවට වූ ගිවිසුම කඩ කිරීමට එරෙහිව, යුරෝපා සංගමය පනවා ඇති නඩු විභාගයකදීයී. සැප්තැම්බර් 27 වැනිදා වන විට අදාළ එන්නත් තොග ලබාදීමට නොහැකි වන්නේ නම්, ඇස්ට්‍රාසෙනෙකා සමාගමට දඩ පැවරීමට ද අධිකරණය නියෝග කළා.
ඒ අනූව එන්නතක් සඳහා ගෙවිය යුතු දඩ මුදල, අමෙරිකානු ඩොලර් 12 ක්. අධිකරණ නියෝගය පිළිගනිමින් ඇස්ට්‍රාසෙනෙකා නිෂ්පාදන සමාගම සඳහන් කළේ මේ වන විට යුරෝපා සංගමයට එන්නත් මාත්‍රා මිලියන 70 කට වැඩි ප්‍රමාණයක් ලබාදී ඇති බවයි.
මෙම මාසය අවසන් වන විට මිලියන 80 ඉක්මවූ මාත්‍රා සංඛ්‍යාවක් යුරෝපා සංගමයට ලබාදිය හැකි බව සමාගම වෙනුවෙන් පෙනී සිටි නියෝජිතයින් එහිදී ප්‍රකාශ කර තිබුණා.
ලොව රටවල් රැසක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් හිඟය හේතුවෙන් මේ වන විට දැඩි බලපෑමකට ලක්ව සිටිනවා. ඒ, පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින්ට දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා ඇණවුම් කළ එන්නත් තොග නොලැබීම හේතුවෙන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |