පොඩි ලැසීට අයත් කෝටි ගාණක දේපල අත්හිටුවීමට නියෝග
පොලිසිය විසින් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් 'පොඩි ලැසී' ට අයත් පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 03ක් පමණ වටිනා සුවිසල් නිවසක් සහ ඉඩමක් පරිහරණය කිරීම අත්හිටුවීමට පියවර ගෙන ඇත.
මෙසේ අත්හිටුවීමට පියවර ගෙන ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී දෙමහල් නිවසක් සහිත ඉඩමක් බව සඳහන් වේ.
මේක දරුණු අපරාධයක් ඇමරිකාවට පසුතැවෙන්න වෙනවමයි - අමෙරිකානු සබ්මැරීන් ප්‍රහාරය ගැන ඉරානයෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන , අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් '' පොඩි ලැසී " ඉන්දියාවේ සිට මෙරට විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් පසුගිය දා (27) කටුනායක ගුවන් තොටුපොළට රැගෙන විත් තිබේ.
රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර පොලිසියේ මැදිහත්වීම මත ඉන්දියාවේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබූ " පොඩි ලැසී " මෙරටට රැගෙන ඒමට හැකි වී තිබේ.
. 2024 වසරේ 12/09 දින ඇප ලබා ගැනීමෙන් පසුව ඉන්දියාව වෙත මුහුදු මගින් පළා ගිය පොඩි ලැසී , 2025 වසරේ ජනවාරි මස ඉන්දියාවේ මුම්බායි නුවර දී එරට ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .