මේක දරුණු අපරාධයක් ඇමරිකාවට පසුතැවෙන්න වෙනවමයි - අමෙරිකානු සබ්මැරීන් ප්‍රහාරය ගැන ඉරානයෙන් ප්‍රකාශයක්
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නෞකාවකට ටෝර්පිඩෝ ප්‍රහාර එල්ල කර ගිල්වා දැමීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය "තිත්ත ලෙස පසුතැවෙනු ඇති" බවට අනතුරු අඟවා තිබෙන බවට විදෙස් ආරංචි මාර්ග වාර්තා කරයි.
පාර්ලිමේන්තුව රත් කරමින් ලංකාව කළඹපු ප්‍රශ්නෙට උත්තර - ලංකාවට ආ බව කියූ ඉරානේ අනිත් නැව ගැන ඇත්තම විස්තරේ මෙන්න
ඒ අනුව,
"අමෙරිකාව ඉරාන වෙරළේ සිට සැතපුම් 2,000ක් ඈතින් මුහුදේදී මහා අපරාධයක් සිදුකර තිබෙනවා. ඉන්දීය නාවික හමුදාවේ අමුත්තෙකු ලෙස පැමිණි, නාවිකයන් 130කට ආසන්න පිරිසක් රැගත් 'ඩෙනා' (Dena) නෞකාවට ජාත්‍යන්තර මුහුදේදී කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රහාර එල්ල කළා. මා පවසන මේ වදන මතක තබා ගන්න: අමෙරිකාව තමන් විසින් ඇති කරන ලද මෙම පූර්වාදර්ශය ගැන තිත්ත ලෙස පසුතැවෙනු ඇති,"
යැයි ඔහු 'X' පණිවිඩයක් නිකුත් කරමින් දැනුවත් කර ඇති බවට විදෙස් පුවත් වාර්තා කරයි. කෙසේ නමුත් මෙම ප්‍රහාරය හමුවේ ජීවිත රැසක් අහිමි වී ඇති අතර මේ වනවිය ඉන් 87 දෙනෙකු සොයාගෙන තිබේ.