තවත් ඝාතන තැතක්...පොලිස් වීරයා නිසා පත්තෑ සුරංග නූලෙන් බේරෙයි
පොලිස් නිලධාරියෙකුගේ සැලකිලිමත්භාවය නිසා මට්ටක්කුලිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස හඳුන්වන පත්තෑ සුරංග නැමති අයෙක් ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉකුත් 5 වන දින රාත්‍රියේ ඔහුව ඝාතනය කිරීමට පුද්ගලයින් සිව් දෙනෙක් වෑන් රථයකින් පැමිණෙන ආකාරය අසළ සී.සී.ටී.වී. දර්ශනවල සටහන්ව තිබෙනවා.
එහෙත් එම අවස්ථාවේ තවත් අපරාධකරුවෙක් පිළිබඳව සොයා බැලීමට මට්ටක්කුලිය පොලිසියේ කොස්තාපල්වරයෙක් අඳාළ ස්ථානයට ගොස් ඇත.
ඒ අනුව සී.සී.ටී.වී. දර්ශනවල සඳහන් වී ඇත්තේ කොස්තාපල්වරයාගේ පැමිණීමත් සමඟ එම ඝාතකයින් අඳාළ ස්ථානයෙන් පලා යන ආකාරයයි.
කෙසේ වෙතත් පොලිස් නිලධාරියා විසින් ඝාතකයින් පසුපස හඹාගොස් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අල්ලා ගත් සැකකරුගෙන් කරන ලද විමර්ශනවලින් පසුව ඝාතනයට ගෙනා ස්වයංක්‍රීය ගිනි අවිය පොලිසියෙන් සොයාගෙන ඇත.
ඒ බෝ ගසක් අසළ විසිකර තිබියදීයි.

ළමයින්ව පරිස්සම් කර ගන්න...පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතරවර කරලා...අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍යටත් දාලා
එසේම ඝාතනයට පැමිණි තවත් සැකකරුවෙක් ටී-56 ගිනි අවියක්ද සමඟින් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී පතොරම් ගැබක්, ඊට යොදන උණ්ඩ 29 ක් මෙන්ම ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ඉන් අනතුරුව ලබන 20 වන දා තෙක් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පවසයි.
එමෙන්ම අනෙක් සැකකරු දින 7 ක රැඳවුම් නියෝග මත පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
