අනිද්දා පැය 10ක ජල කප්පාදුවක්
By Mithu
ජල කප්පාදුවක්පෑ පිළිබඳ වාර්තා වෙයි. ඒ අනුව පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට අනිද්දා (11) උදෑසන 8.30 සිට, පැය 10 ක ජල කප්පාදුවක් සිදු කරන බව, ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.
ඒ, බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්ය බල විදුලි පද්ධතිය, ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම මෙන්ම වැඩිදියුණු කිරීම හේතුවෙනි.
ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක - සීදූව නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති. ඊට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇල, කටාන සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් කොටසකට, ජල සැපයුම අත්හිටුවේ.