පලා යාමට තැත් කළ හිටපු අමාත්‍ය දුනේෂ් ගංකන්දගේගේ බිරිඳ අත්අඩංගුවට

By Mithu Jun 09, 2025 02:30 PM GMT
Report

 හිටපු රාජ්‍ය අමාත්‍ය දිනේශ් කන්දගේ බිරිදවන කුෂානී නානායක්කාර යන අය කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඇය විසින් සිදු කර තිබෙන රුපියල් ලක්ෂ හත් දහසද ඉක්ම වූ බදු වංචාවක් සම්බන්ධයෙනි. කුෂානී නානායක්කාර ව්‍යාපාර රැසක අධ්‍යක්ෂකවරියකි.

ඇයට අයත් සමාගම් කිහිපයක් දීර්ඝ කාලයක සිට බදු ගෙවීම පැහැර හරිමින් සිට ඇති අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් සිහිකැදවීම් රැසක් ඇය වෙත නිකුත් කර තිබේ. දිගින් දිගටම එම නිවේදන නොතකා හරිමින් කටයුත-ු කර තිබෙන බැවින්, අවසානයේ දී ඇයට එරෙහිව නීතිමය පියවර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

කාලෙකට පස්සේ පහළ ගිය රන් මිල..නව මිල මෙන්න

කාලෙකට පස්සේ පහළ ගිය රන් මිල..නව මිල මෙන්න

ඒ අනුව, අධිකරණ නියෝගයක් ලබා ගැනීමෙන් පසුව, පසුගිය සෙනසුරාදා දිනයේ දී, ඇය අත් අඩංගුවට ගැනීම සිදු වී තිබේ. අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් නිළධාරීන් ඇගේ නිවසට පැමිණි අවස්ථාවේ දී මෙම කාන්තාව පසුපස දොරෙන් පලා යාමට උත්සාහ දරා ඇති අතර, ඒ වන විටත් නිවස වටලා සිටි පොලිස් නිළධාරීන් විසින් ඇය අත්අඩංගුවට ගෙන තිබේ. 

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න