මැතිවරණ කොමිසමට එරෙහිව අශේන් ශ්‍රේෂ්ඨාධිකරණයට..හිටපු ජනාධිපති නීතිඥවරයෙකුගේත් සහය..

Election Commission of Sri Lanka Sri Lanka Supreme Court of Sri Lanka General Election 2024
By Piyumika Oct 17, 2024 06:50 AM GMT
Piyumika

Piyumika

Report

ජනප්‍රිය යූ ටියුබ් නිර්මාණකරුවෙකු වන අශේන් සේනාරත්න ඔහුට නාමයෝජනා ලබානොදීමෙන් සිදුවූ අසාධාරණයට එරෙහිව ඊයේ (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොළඹ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීවරයාට සහ මැතිවරණ කොමිසමට එරෙහිව පෙත්සමක් ගොනුකර තිබේ.

ලෝකයටම ආහාර හිගයක අවදානමක් ..

ලෝකයටම ආහාර හිගයක අවදානමක් ..

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටි අශේන් සේනාරත්න ස්වාධීන කණ්ඩායමක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

නාම යෝජනා ඉල්ලුම් පත්‍රය “බලයලත් නියෝජිතයෙකු විසින් ඉදිරිපත් කොට නොමැති වීමේ පදනම” මත එම පියවර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කලේය.

නාම යෝජනා ලබාදීම ප්‍රතික්ෂේප වීම සම්බන්ධව සිය සමාජ මාධ්‍ය ගිණුම් භාවිතා කරමින් සජිවී විඩියෝ පට කිහිපයක් හරහා ඔහු සිය විරෝධතාව ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද ඔහු සඳහන් කර තිබුණි.

බයත් හිතෙනවා.. ශිෂ්‍යාවන් 05 දෙනෙකු හදිසියේ රෝහල්ගත කළ හේතුව ..

බයත් හිතෙනවා.. ශිෂ්‍යාවන් 05 දෙනෙකු හදිසියේ රෝහල්ගත කළ හේතුව ..

මේ අතර, හිටපු විදේශ සහ අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මෙම තීරණය ප්‍රශ්න කර තිබේ.

ඔහු සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් පෙන්වා දුන්නේ, අපේක්ෂකයෙකුගේ සුදුසුකම් තීරණය කිරීම ජනතාවට අයිති කාර්යයක් බවත්, තාක්ෂණික කරුණක් මත නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම ගැටලු සහගත බවත්ය.

සබ්රි මහතා වැඩිදුරටත් ප්‍රශ්න කළේ, “බලයලත් නියෝජිතයෙකු නොවන කෙනෙක් විසින් නාමයෝජනා පත්‍රයක් භාර දුන්නත් එය භාර ගැනීමට පෙර තේරීම් භාර නිලධාරියා ඒ බව තහවුරු කර ගත යුතු නැතිද?” යනුවෙනි.

අපේක්ෂකයන්ට දැරිය හැකි මුදල මෙපමණයි ..ගම්පහ සහ කොළඹ හා වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක වලට විශේෂයි..

අපේක්ෂකයන්ට දැරිය හැකි මුදල මෙපමණයි ..ගම්පහ සහ කොළඹ හා වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක වලට විශේෂයි..

ඔහු තවදුරටත් පැවසුවේ මැතිවරණ කොමිසමේ කාර්යභාරය වන්නේ ජනතාවට තීරණ ගැනීමේ අයිතියට පහසුකම් සැලසීම මිස තාක්ෂණික කරුණු මත එය අවහිර කිරීම නොවන බවයි.

මෙම සිද්ධිය මැතිවරණ ක්‍රියාවලියේ විනිවිදභාවය සහ සාධාරණත්වය පිළිබඳ සැලකිය යුතු ප්‍රශ්න මතු කර ඇති අතර, ඉදිරි දිනවල මෙම නීතිමය අභියෝගය කෙසේ විසඳෙන්නේද යන්න දැඩි උනන්දුවකින් නිරීක්ෂණය කෙරෙනු ඇත.