අපේක්ෂකයන්ට දැරිය හැකි මුදල මෙපමණයි ..ගම්පහ සහ කොළඹ හා වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක වලට විශේෂයි..

Election Commission of Sri Lanka Sri Lanka General Election 2024
By Piyumika Oct 17, 2024 06:35 AM GMT
Piyumika

Piyumika

Report

මෙවර මහ මැතිවරණයේදී ඒ ඒ දිස්ත්‍රික් අනුව එක් අපේක්ෂකයකුට ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 115 ත් අවම මුදල රුපියල් 82 ත් අතර වනු ඇති බව සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

බයත් හිතෙනවා.. ශිෂ්‍යාවන් 05 දෙනෙකු හදිසියේ රෝහල්ගත කළ හේතුව ..

බයත් හිතෙනවා.. ශිෂ්‍යාවන් 05 දෙනෙකු හදිසියේ රෝහල්ගත කළ හේතුව ..

ඒ අනුව එක් ඡන්දායකයෙකු වෙනුවෙන් උපරිම මුදලක් වියදම් කළ හැකි දිස්ත්‍රික්කය ගම්පහ සහ කොළඹ වන බවත් එම දිස්ත්‍රික්කවල අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් ලක්ෂ පනස් අටකට ආසන්න බවත් එම දිස්ත්‍රික්කය වෙනුවෙන් පක්ෂයකට වැය කළ හැකි උපරිම මුදල රුපියල් ලක්ෂ හයසියයකට ආසන්න වන බවත් ඔහු පැවසීය.

එසේම අවම මුදලක් එක් අපේක්ෂකයකුට වියදම් කළ හැකි දිස්ත්‍රික්කය වනුයේ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය වන අතර එම දිස්ත්‍රික්කයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් හාරදහසකට ආසන්නවේ.

කිකිළියන්ට මේ දේ කරන්න ඕනේ නැතුව මේක විසදෙන්නෑ.. බිත්තර මිල ගැන අලුත්ම කතාව..

කිකිළියන්ට මේ දේ කරන්න ඕනේ නැතුව මේක විසදෙන්නෑ.. බිත්තර මිල ගැන අලුත්ම කතාව..

ඒ ඒ දිස්ත්‍රික්කයන් සඳහා මෙවර මහ මැතිවරණය වෙනුවෙන් එක් අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල අදාළ පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට වියදම් කළ හැකි උපරිම මුදල සහ ජාතික ලැයිස්තු නාමයෝජනා ලබා දී ඇති පුද්ගලයන්ට වියදම් කළ හැකි උපරිම මුදල වශයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නියාමනයන් ඉදිරිපත් කර ඇති බවද රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසීය .