පොලීසිය මගේ පුතාට පහරදී දුරකථනයත් රැගෙන ගිහින් - අසේල සම්පත් කියූ කතාව (VIDEO)

CID sri lanka police Asela sampath
By Sithumi Jun 26, 2021 02:06 PM GMT
Report

තමා අත් අඩංගුවට ගත්තේ කිසිදු නීතිමය ක්‍රියාපටිපාටියකින් තොරව බවත් එළෙස අත්අඩංඟුවට ගැනීමට ආ පොලීසිය සිය පුතාටද පහර දී ඔහුගේ ජංගම දුරකතණයද පැහැරගෙන ගිය බවත් පාරිභෝගික අයිතීන් ක්‍රියාධර අසේළ සම්පත් ප්‍රකාශ කරයි.

මේ වන තුරු එම ජංගම දුරකථනය ලැබී නැති බවත් එබැවින් ඔහුට මාර්ගගත අධ්‍යන කටයුතු මඟහැරී ඇති බවත් කියැවේ.

ඊයේ රැයෙහි පැහැර ගෙන ගිය අසේල සම්පත් අද දින අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලදී.

ඔහු පැහැර ගෙන යාමට පොලිස් නිලධාරීන් 20 දෙනෙකු සිවිල් ඇදුමින් පැමිණ අතර පැහැර ගන්නා ලද්දේ ඔහු රැගෙන යන්නේ කොහිදැයි හෝ කුමණ හේතුවක් නිසාදැයි හෝ නිවසේ කිසිවකුට හෝ දන්වන්නේ නැතිවය. ඉතා සාමකාමීව පොලීසියට කැඳවිය හැකිව තිබූ අසේල මෙළෙස පැහැර ගන්නා ලද්දේ අන් මානව හිමිකම් ක්‍රියාධර පිරිස් බිය ගැන්වීමට බව ජනබල පවුර සංවිධානයේ ප්‍රධානී සුදේශ් නන්දිමාල් පවසයි.

ඔහු පැහැර ගැනීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ මානව හිමිකම් ප්‍රජාව ඔහුගේ පවුලේ අය විසින් ගෙන යන ලද ප්‍රචාරය නිසා ඔහු තමන් බාරයේ සිටින බව පිලිගැනීමට පොලිසියට සිදුවූ අතර ඉක්මණින්ම අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදුව බවද විචාරකයෝ කියති. මෙම පැහැර ගැනීම සිදුවූයේ ජනාධිපති රාජපක්ෂ රුවන්වැලි සෑය අබියස සිට කරන ලද ප්‍රකාශය අවසන් වී පැය ගණනාවක් ඇතුළතය.

තමා මෙම අවනීතිය සම්බන්ධයෙන් අධිකරණය යන බවද අසේල සම්පත් පවසයි. වීඩියෝව නරඹන්න.