"මම සුදු වෑන් එහෙකින් පැහැර ගත්ත"..මරන්න හැදුවෙ..99න් බේරුණේ.

Police FCID Asela Sampath
By Aruna Jun 27, 2021 06:21 AM GMT
Aruna

Aruna

Report

තමන්ව පැහැරගෙන යාම පිළිබඳව සමාජ මාධ්‍ය විසින් අනාවරණය නොකලේ නම් මරා දැමීමට ඉඩ තිබුණු බව මහජන අයිතීන් ආරක්ෂා කිරීමේ ව්‍යාපාරයේ සංවිධායක අසේල සම්පත් මහතා සඳහන් කරයි.

පළමු වතාවට මරණීය අත්දැකීම තමන් ලැබූ බවත් පෙර දැනුම් දීමකින් තොරව නිල ඇඳුම් පවා නැති පිරිසක් පැමිණ තමන් පැහැරගෙන ගිය බව ද ඔහු පැවසීය.

සුදු සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් දසවද දී තමන් පැහැර ගත් බවත් පැවසූ ඔහු තමන් මීට පෙර රහස් පොලිසියට ගිය අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබූ බව ද කීය.

අද තමන්ගේ ජීවිතය බේරී තිබෙන්නේ තම බිරිඳ දරුවන් නීතිඥ මහතුන් සමාජ මාධ්‍ය විසින් කරන ලද කාර්යභාරය නිසා යැයිද ඔහු කියා සිටියේය.

රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha