ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පුද්ගලයෙක් රිමාන්ඩ්

Politics Sri lanka Asath sali
By Sithumi Aug 17, 2021 03:56 PM GMT
Report

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීම නිසා භාරයේ සිටි හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා ලබන 31 දක්වා  රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.


කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් අදාළ නියෝගය ලබා දී තිබේ. අසාද් සාලි ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාර්තු 16 වනදා අත්අඩංගුවටගනු ලැබීය.

ඒ, ඔහු විසින් මාර්තු 09 වනදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙනි. අසාද් සාලි මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. 

 එම ස්ථානයට ගිය මහෙස්ත්‍රාත්වරයා සැකකරුව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහු තවදුරටත් රිමාන්ඩ් කිරීමට අදාළ නියෝගය දුන් බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now