පාසල් දරුවන් ගැන රජයෙන් ගත් විශේෂ තීරණයක් මෙන්න.. (PHOTOS)

A D Susil Premajayantha Sri Lankan Schools Education Latest Headlines Decision Making
By krishani Mar 19, 2024 04:04 PM GMT
krishani

krishani

Report

08 වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රීම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆ්ට් සමාගම අතර අත්සන් තැබීම අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

දිස්ත්‍රීක්ක 20ක් අතුරින් තෝරාගත් පාසල් 20ක 8 ශ්‍රේණියෙන් ඉහළ සිසුන් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය සුහුරු පන්ති කාමර සහ තාක්ෂණික උපකරණ ලබා දීමට කටයුතු කරන බව ද මෙහිදී සඳහන් කෙරිණි.

මෙම අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යාමට මයික්‍රසොෆ්ට් කණ්ඩායමකගේ සහාය ලබා දීමට නියමිතය.

මෙම ගිවිසුමට අත්සන් තැබීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මයික්‍රසොෆ්ට් සමාගමේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

එහිදී එම නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කළේ කෘත්‍රීම බුද්ධිය පාසල් විෂය නිර්දේශයට එක් කිරීමට සිය පුර්ණ සහාය ලබා දෙන බවයි.

මයික්‍රසොෆ්ට් සමාගමේ ඉන්දියාවේ සහ දකුණු ආසියානු කලාපීය සභාපති පුනීත් චන්දොක් ද මෙහිදී අදහස් දැක්වූ අතර ශ්‍රි ලංකාව නව තාක්ෂණය සමඟ ඉදිරියට ගෙන යමින් කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබා දෙන සහාය සහ මඟපෙන්වීම ඉතා අගය කරන බව ඔහු සඳහන් කළේ ය.

මෙම වැඩසටහන 2025 වසර තුළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනි ජුලි චන්ග් ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

මෙම අවස්ථාව ශ්‍රී ලාංකීය ජනතාවට ලැබුණු මහඟු අවස්ථාවක් බව පෙන්වා දුන් ජුලි චන්ග් ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙස ද සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ ය.

ශ්‍රී ලාංකීය ජනතාව සහ පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් ස්වෙච්ඡා කණ්ඩායම් මඟින් සහාය ලබා දෙන බව ද ජුලි චන්ග් වැඩිදුරටත් සඳහන් කළේ ය.

එම නිවේදනය පහතින්,


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha