පුරාවිද්‍යා නාමපුවරු ගැලවීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සවිකර තිබූ නාම පුවරු ගැලවීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය සදහන් කළේ ඊයේ (24) වාලච්චේන පොලිස් වසමේ කිරාන් ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
තවද මෙලෙස ගලවා තිබූ නාම පුවරු 07ක් ද වාලච්චේන කෝරලේපත්තු ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ තිබී පොලිස් භාරයට ගෙන තිබුණි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 53ක් වන කිරාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරු අද දින (25) වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මෙම සිදුවීමට සම්බන්ධ සිද්ධියට සම්බන්ධ වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වේ.
ඒ වගේම පොලිස් කණ්ඩායම් 4ක් ඔවුන් සොයා විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.