පළාත් 6කට ක්ෂණික ගංවතුර තත්ත්වයක්

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි, ප්‍රධාන ගංගාවල ජලමට්ටම් දැඩි ලෙස ඉහළ ගොස් පවතින බැවින් හදිසි වර්ෂාවක් ඇතිවූ විට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් ඇතැයි ප්‍රකාශ කරයි.

ඔවුන් වැඩිදුරටත්නිකුත් කළ නිවේදනයේ සඳහන්වූයේ, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නයේ වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණු, ඌව සහ බස්නාහිර පළාත්වල මිලිමීටර් 200ට වැඩි දැඩි වර්ෂාපතනයක අවදානම පවතින බවයි.

මෙන්න ඉන්ධන මිල සංශෝධනයක්

මෙන්න ඉන්ධන මිල සංශෝධනයක්

එම හේතුවෙන් අද (25) සිට නොවැම්බර් 30 වන ඉරිදා දක්වා කාලය තුළ මෙම පළාත්වල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ වැඩි බවත්, පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම් හා නිවේදන සම්බන්ධයෙන් ගංගා පහත් නිම්නවල පදිංචි ජනතාවත්, එම ප්‍රදේශ ඔස්සේ ഗමන් කරන පුද්ගලයන්ත් සැලකිලිමත් විය යුතු බවත් දෙපාර්තමේන්තුව තවදුරටත් දැනුම් දෙයි.

තත්ත්වය දරුණු වෙයි - අවදානම් ප්‍රදේශවලින් පුද්ගලයින් ඉවතට

තත්ත්වය දරුණු වෙයි - අවදානම් ප්‍රදේශවලින් පුද්ගලයින් ඉවතට