අවසන් බලාපොරොත්තුව රැගත් ශ්රී ලංකා - සිම්බාබ්වේ තීරණාත්මක තරගය අද
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය අද දින (25) පැවැත් වේ.
ඒ රාවල්පිණ්ඩිහි දීයි.
එසේම තරගය ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතව ඇත.
තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරග දෙකම පරාජයට පත්වුණා.
එබැවින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් ශ්රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගැනීම අනිවාර්යය වේ.