අත්අඩංගුවට ගත් අර්ච්චුනාට ඇප
අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා මහතා ඇප මත නිදහස් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා මහතා අද දහවල් කොටුව පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් රාමනාදන් අර්ච්චුනාට ඊයේ (23) කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් වරෙන්තු නිතුත් කර තිබුණි.