අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට යළි සිරදඬුවම්. - මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ ගැන දුන් හදිසි අධිකරණ තීන්දුව මෙන්න.

Sri Lanka Magistrate Court
By Wayomi Oct 14, 2024 06:58 AM GMT
Wayomi

Wayomi

Report

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තිදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 6ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඒ, 2016 වසරේ සිට 2019 වසර දක්වා කාලසීමාව තුළ රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන්.

මෙම වගඋත්තරකරුවන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනුකර තිබූ අතර අදාළ බදු මුදල් ගෙවන ලෙස අධිකරණය විසින් වගඋත්තරකරුවන්ට පසුගිය වසරේ නොවැම්බර් මස 14 වෙනිදා නියෝගයක් නිකුත් කර තිබෙනවා.

දිවයින පුරා අනතුරුදායක තත්වය සමඟ එක්වරම පාසල් වසා දැමීමක්..තවත් දිනයක් වැඩිවෙයි. - වැසුණු පාසල් මෙන්න. - (UPDATE)

දිවයින පුරා අනතුරුදායක තත්වය සමඟ එක්වරම පාසල් වසා දැමීමක්..තවත් දිනයක් වැඩිවෙයි. - වැසුණු පාසල් මෙන්න. - (UPDATE)


අදාල නඩුව අද (14) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර එම අවස්ථාවේදී අදාළ මුදල් ගෙවා නොතිබීම හේතුවෙන් වගඋත්තරකරුවන්ට එරෙහිව අධිකරණය විසින් මෙම දඬුවම නියම කරනු ලැබුවා.     

සති අන්තය වන විට හිතාගන්නවත් බැරි විදිහට ඉන්ධන මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

සති අන්තය වන විට හිතාගන්නවත් බැරි විදිහට ඉන්ධන මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

රාජ්‍ය දේපල ප්‍රතිව්‍යුහගතකරණය අත්හිටුවයි. - හැබැයි මහා මැතිවරණයෙන් පසු සිදු වන්නේ මෙහෙමයි.

රාජ්‍ය දේපල ප්‍රතිව්‍යුහගතකරණය අත්හිටුවයි. - හැබැයි මහා මැතිවරණයෙන් පසු සිදු වන්නේ මෙහෙමයි.