වසර 19 කට පසු ඇරුණු අරලියගහ මන්දිරය පාර.- ගිහින් බලන්න ආස හිතෙයි.

Anura Kumara Dissanayaka President of Sri lanka AKD
By Wayomi Oct 06, 2024 04:03 AM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් ජනතාව සදහා විවෘත කරනු ලැබුවා.

පසුගිය 2005 වසරේදී මෙම මාර්ගය වසා දැමුණු අතර 2024.10.04 දින ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පොලිසිය විසින් මෙම මාර්ගය විවෘත විය.

ඒ, අනුව ආර්.ඒ.ද මෙල් මාවතේ සිට අරලියගහ මන්දිරය හරහා මයිකල් වට රවුමේ සිට රොටුන්ඩාව වට රවුම දක්වා මාර්ගය මේ අයුරින් විවෘත කළා.