රජයෙන් 4,672කට පත්වීම් - අනුයුක්ත කරන හැටි ගැනත් දැනුම්දීමක්.. තවත් විශේෂ වැඩපිළිවෙළක් ඒ අතර.. සම්පූර්ණ විස්තරය මෙතනින්.
මේ වන විටත් විදුහල්පතිවරුන් 4,672කට පත්වීම් ලබා දී අවසන් කර තිබෙනවා.
ඒ බව ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ ය.
මෙම විදුහල්පතිවරුන් එළඹෙන නව පාසල් වාරයේ දී පාසල් සඳහා අනුයුක්ත කරන බව ඒ මහතා පැවසීය.
මේ අතර දුෂ්කර පාසල්වල දැනට සේවය කරන විදුහල්පතිවරුන් සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.
එමෙන්ම, අධ්‍යාපනවේදී පුරප්පාඩු හැකි ඉක්මනින් සම්පුර්ණ කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පර්ෂදය තුළ තිබෙන පාසල් පර්ෂදයේ ඇති අනෙක් පාසල් විසින් බලාගන්නා ක්‍රමවේදයක් සැකසෙන බවත් එමඟින් පාසල් අතර සම්පත් බෙදී යන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ය.