මෙන්න පාර්ලිමේන්තුවට යන්න සුපිරිම අවස්ථාවක්..අදම අයදුම්පත් යොමු කරන්න..
කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට පියවර ගෙන තිබේ. ක්ෂේත්‍ර ගණනාවකට අදාළව පිළිගත් දැනුම, පළපුරුද්ද සහ විශිෂ්ටත්වය ඇති තැනැත්තන් අතුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අයදුම්පත් කැඳවා ඇති බවයි,පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය
ඒ අනුව www.parliament.lk පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ක්ෂණික සබැඳි යටතේ 'කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීම' නමින් පළ කර ඇති 'අ' තොරතුරු ආකෘති පත්‍රයට අනුකූලව එක් එක් අයදුම්කරුවන් විසින් සිය අයදුම්පත සකස් කළ යුතුය.
තවද 'ආ' තොරතුරු ආකෘති පත්‍රයට අනුකූලව නාමයෝජනා සකස් කළ යුතු බවත් එහි සඳහන් වේ.
යථා පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත් / නාමයෝජනා 2025 ජනවාරි 20 වැනි දින හෝ ඊට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව - කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.
නාමයෝජනා එවනු ලබන්නේ නම්, නාමිකයා විසින්ම තොරතුරු පත්‍රය සම්පූර්ණ කරනු ලැබිය යුතු අතර එම තොරතුරු පත්‍රය නාමයෝජනා කරනු ලබන පාර්ශ්වය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කළ යුතු බවත් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.